images (4)

නිල් දිය මත සුදු මුදු රැලි පෙලින් පෙල
විහඟුන් කැළ වන මල් මත පෙලින් පෙල
මද සුළඟට සෙලවෙන දලු පෙළින් පෙල
නුඹ වෙනුවෙන් සිතිවිලි එයි පෙලින් පෙල

පාවෙන වළාවෙක රන් තරු වියන් පිටින්
උණුසුම සිසිල සහ ගුණයට දැනෙන ලෙසින්
කාගෙන් නමුත් ගත උණුසුම ලබන ලෙසින්
සමහරු සිටී නොරටුන් මෙන් බමන මතින්

Advertisements

images

පාලු මිටියාවතේ

පිය නඟාගෙන

පොළොවටත් නොදැනෙන පරිද්දෙන්

ගොදුරකට කුරුමානමක් අල්ලන

බළල් පැටවෙකු පරිද්දෙන්

නුඹ පුදුම කරවන්නට

නුඹට විශ්මයක් ගෙන දෙන්නට

මමද සෙමෙන් සෙමෙන් පියවර මනිමි

මුලු ලොවටම නොදැනෙන්නට……….

download

ඇයි මගෙ කෙල්ලෙ නුඹ මගේ සිත අර       ගත්තේ
කොයි ලෝකයෙද නුඹ එය සඟවා             ගත්තේ
මා කොහි ගියත් මගෙ සිත නැහැ මා          මත්තේ
නුඹෙ වත කමල රන් සිනහවමයි              ඇත්තේ

පාවෙන වළාවෙක රන් තරැ වියන්                  පිට
ඇළ දොළ ගඟෙක මහ මුහුදෙහි ගලක්            යට
කඳු මුදුනකින් බැහැගෙන තැනි තලා               වට
මගේ සිත සොයා වෙහෙසෙන්නට නොහැක    මට

ආසන දෙවි මැදුර දෙව් මව් ත=රැලේ            පටන්
පන්සල පල්ලි කෝවිල් පුදසුනක                 සිටන්
වන බමරෙක් වෙලා මල් ගොමු අතරෙ          ඉඳන්
මම සිත සොයන්නට වෙහෙසෙන අයුරු        බලන්

උදයෙම ළඟට එන්නයි එක පැතුම                මගේ
පැය කිහිපයක නින්දක් තිබුණොතින්             අගේ
පෙරළෙමි වකුටුවෙමි කැරකෙමි බමරෙ         වගේ
මගේ නිදිමතත් නුඹ අරගෙන ගිහින්             නගේ

දරු පෙම නිසා……….

download

මහ රෑ උදාවන විට සඳ නැති                                      රැයක

ඝණ කලුවර මැදින් ඇදෙනා සුදු                                 රුවක

අත රැඳි දෙයින් මා ගෙන ගියෙ බොහො                        දුරක

කවුරුද එයා කවුරුද හමුවේවිද                                   දිනෙක

ගඟ බඩ මුහුදු බඩ වෙරළෙහි සැම                                 තැනම

කඳු මුදුනකින් බැහැගෙන තැනි                                තලාවෙම

වන පෙත් ගස් මුදුන් මල් ගොමු                               අතරෙහිම

සෙව්වා මිනී වළලන හැම                               සොහොනෙහිම

දරු පෙම හදවතෙහි මොර දෙයි රෑ තුන්                           යමම

වැළපෙයි අනෙක් නෑ මිතුරන්                                හැමදෙනම

පාලුව කාංසිය යන යන හැම                                        තැනම

වූවා එළිය සැම විට මුලු                                          නිවසෙහිම

මාගේ නිවසෙ ඇති වූ පාලුව                                        මකන්න

කිරි කැටි සිනහවක් ඕනෑ                                              දකින්න

රෑ තුන් යමට තුන් මංසලේ                                          රැඳෙන්න

හේතුව එයයි කිරි කැටියව                                             ලබන්න

obrolan-petang-anak-nelayan

බොහො දුර යන්න මේ ජීවන ගමන් මගේ

ගත සිත සවිය ඇති කරගෙන නිතින් වගේ

පැහැසර අනාගතයක අරුණැල්ල නැගේ

උරුමය එයයි දල්වනු මැන හදෙහි මගේ……….

යන එන මිනිස් කැළ හද තුළ නින්නාද

නගනා හඩ කෙරෙහි ඔබ දැන උන්නාද

හදකින් හදට ගැහෙනා රාවයෙ නාද

ලෙංගතුකම එයයි තව වෙන මොනවාද……….

හෙට හිරු බහින බව නොම දැන උන්නු දනා

දවසින් දවස අගතිය වෙත ගෙනෙන ඉනා

ශතයෙන් ශතය එකතුව ඉදිරියට ගෙනා

දරුවෙකු පොහොසතෙකි යමි දවසකදි දිනා……

නුඹ මගේ ළඟ නම්………

images

හිමවතට පා වෙන්න
ගිම්හාන සමයෙදී
කතරකදි තනි වුනොත්
සීත සෘතුවක දී
මම ගියත් නුඹ ළඟින්
ලෙංගතුව පෙම් බැඳී
නුඹ සිතන්නේ මමත්
කුණාටුවක් යැයි කියා ද?